Friday, 19 April 2024

මුජිබර්ගේ සම්බන්ධීකරණ කාර්යාලයේ සොරකමක්

Posted On Tuesday, 23 May 2023 11:56

 

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ගේ මාලිගාවත්ත ජයන්ත වීරසේකර මාවතේ පිහිටි සම්බන්ධීකරණ කාර්යාලය කොල්ලකා ඇතැයි මාලිගාවත්ත පොලිසිය පවසයි.

මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා කළ  පැමිණිල්ලකට අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයට කොළඹ නගරාධිපති ධූරය සඳහා තරග කිරීමට රහුමාන් ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය.