Thursday, 25 April 2024

මන්ත්‍රීවරයෙකු රන් බිස්කට් සමඟ අත්අඩංගුවට

Posted On Tuesday, 23 May 2023 11:35

 

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් කිලෝග්‍රෑම් 3කට වැඩි බරකින් යුත් රන් බිස්කට් සමඟ රේගු නිලධාරීන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ප්‍රභූ විවේකාගාරයේදී අත්අඩංගුවට ගෙන ඇත. මන්ත්‍රීවරයා ඩුබායි සිට ගුවන් තොටුපළට පැමිණ තිබේ.

වසර ගණනාවක් තිස්සේ මෙම ජාවාරම කරගෙන ගොස් ඇති අතර රන් බිස්කට්වල වටිනාකම රුපියල් මිලියන 705 ඉක්මවන බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.