Saturday, 20 April 2024

වැලිකඩ සිව් දෙනෙකුගේ වැඩ තහනම් 

Posted On Sunday, 21 May 2023 15:13

 

පොලිස් අත්අඩංගුවේ දී ගෘහ සේවිකාවක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට වහාම ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස පොලිස්පතිවරයා මහජන ආරක්ෂකඅමාත්‍යාංශයේ ලේකම්වරයාට නිර්දේශ කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක

වරයා සඳහන් කරයි. උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර ඇත. තවත් පොලිස් කොස්තාපල්වරියක් සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකු පරීක්ෂණයක් පැවැත්වෙන තෙක් වැලිකඩපොලිසියෙන් මාරුකර යවා තිබේ.

පසුගිය 11 වැනිදා වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවක් හුස්ම ගැනීමේ අපහසුතා ඇතිව රෝහලටඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. චිත්‍රපට හා රූපවාහිනී නිෂ්පාදිකාවක් වන සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ රන් මුදුවක්සොරකම් කිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල විය. තිදරු මවක් වන රාජ් කුමාර් (42) නමැති ගෘහ සේවිකාව මඩොල්සිමබදුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ප්‍රශ්නගත මරණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලද අතර එහිදී පොලිසිය සාමාන්‍යක්‍රියාපටිපාටියට පටහැනිව සහ සීමාව ඉක්මවා කටයුතු කර ඇති බව අනාවරණය විය. මානව හිමිකම් කොමිසමද මේ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් පවත්වයි.