Friday, 19 April 2024

වංචා දූෂණ ඉහවහා ගොස් ඇති නිසා බටහිර රටවල් ආයෝජනයට මැලිකමක්

Posted On Friday, 19 May 2023 04:54

වංචා දූෂණ ඉහවහා ගොස් ඇති නිසා බටහිර රටවල් ආයෝජනයට මැලිකමක්

 

වංචා දූෂණ ඉහවහා ගොස් ඇති නිසා බටහිර රටවල් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට මැලිකමක් දක්වන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉවත්ව යන අනුර්ධා යහම්පත් මහත්මිය පවසයි.

ඇතැම් බටහිර රටවල් ශ්‍රී ලංකාව තුළ වංචාව සහ දූෂණය ඉහවහා ගොස් ඇති බව දන්නා නිසා ආයෝජනය කිරීමට අකමැති බව කි ඇය "ඔවුන් දන්නවා මෙහෙ ආයෝජනය කරන්න ආවම වංචා දූෂණ සිදුවන බව" කියා සිටියාය.

රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයන් හෝ විදේශීය ප්‍රභූන් පළාතට පැමිණෙන විට එම පළාතේ පවතින සම්පත් පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපි ගොනුවක් තම කාර්යාලය විසින් භාරදුන් බව ද ඇය වැඩි දුරටත්ස`දහන් කළාය. තමන් දේශපාලඥයෙකු වූයේ නම් සිංහල සහ දෙමළ මුස්ලිම් ජාතීන් අතර සමගිය වර්ධනය කිරීමට නොහැකි වනු ඇති බවද ඇය පැවසුවාය.