Friday, 19 April 2024

භෝග ආරක්ෂණය සඳහා ගිනි අවි භාවිතයට අවසර ඇත.

Posted On Thursday, 18 May 2023 05:59

භෝග ආරක්ෂණය සඳහා ගිනි අවි භාවිතයට අවසර ඇත.

 

භෝග ආරක්ෂණ කටයුතු සඳහා ගිනි අවි භාවිතය සම්බන්ධයෙන් පවතින නීති සංශෝධනය කර එම බලපත්‍ර නිකුත් කිරීම සඳහා කෘෂිකාර්මික භූමි ප්‍රමාණය අක්කර පහක් (05) දක්වා සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රේමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

වන සතුන් හේතුවෙන් වසරක් ඇතුළත විශාල වශයෙන් වගාvවිනාශ වන බැවින් කාලීන අවශ්‍යතාවයක් ලෙස මෙම තීරණය ගත් බව තෙන්නකෝන් මහතා කියා සිටි.