Friday, 26 April 2024

පොලිසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි.

Posted On Thursday, 18 May 2023 05:51

පොලිසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි.

 

යාපනයේ ගොවි පාරේ තැන්පත් කර ඇති නාගපුෂාණි අම්මාන් පිළිරුව කඩා ඉවත් කිරීමට අවසර ඉල්ලා යාපනය පොලිසිය ඉදිරිපත්කළ පෙත්සම යාපනය මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර ඇත.

දේව ප්‍රතිමාව ඉදිකරන තුරු නිහඬව සිට පිළිමය කඩා ඉවත් කිරීමට අවසර ඉල්ලා සිටීම සදාචාර විරෝධී බව මහේස්ත්‍රාත්වරයාප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවේදී ප්‍රතිමාව ඉවත් කිරීමට අධිකරණ තීන්දුවක් ලබා දීමෙන් පළාතේ වැසියන්ට සාමය සහ ආගමික සහජීවනයඅහිමි විය හැකි බවට මහේස්ත්‍රාත්වරයා අනතුරු ඇඟවීය.

ප්‍රතිමාවක් මාර්ගයේ සවිකිරීම හේතුවෙන් රිය අනතුරු සිදුවුවහොත් පළමුව විරුද්ධ විය යුත්තේ පොලිසිය නොව මාර්ග සංවර්ධනඅධිකාරිය බව මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය.