Thursday, 25 April 2024

ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක්

Posted On Monday, 20 February 2023 09:56

ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක්

 

ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානම් රතු නිවේදනයක් නිකුත් කෙරේ.

බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ සහ ඌව පළාත්වල අම්පාර දිස්ත්‍රික්කයේ සවස්කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගිරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණුඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගිරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකියි. අකුණු මගින් ඇතිවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.