Thursday, 25 April 2024

තැපැල් ඡන්ද සළකුණු කිරීම කල් යයි

Posted On Friday, 17 February 2023 10:26

තැපැල් ඡන්ද සළකුණු කිරීම කල් යයි

 

එළඹෙන පළාත් පාලන ආයතන මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද සළකුණු කිරීම නියමිත දිනට නොපවත්වන බවත්, අදාළ ඡන්ද සළකුණු කිරීමේ දිනය පසුව දැනුම් දෙව බවත්, මැතිවරණ කොමිසම දන්වයි.

තැපැල් ඡන්ද සළකුණු කිරීම සම්බන්ධයෙන් පෙබරවාරි 17 (අද) දින මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇත.

තැපැල් ඡන්ද සළකුණු කිරීම 2023 පෙබරවාරි 22,23,24 සහ 28 යන දිනයන්හි පැවැත්වීමට යෝජිතව තිබූ නමුත් එකඟ වූ පරිදි එම දිනවල තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත රජයේ මුද්‍රණාලය විසින් ලබානොදීම හේතුවෙන් මෙසේ ඡන්දය කල් දැමීමට සිදුවන බව එම කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.