Thursday, 25 April 2024

උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු වේගවත්ව ඉදිරියට

Posted On Friday, 17 February 2023 10:22

උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු වේගවත්ව ඉදිරියට

 

මෙම වසරේ සිදු කෙරෙන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස පසුගියදා ආරම්භ කෙරුණු උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට වව්නියාව දක්වා කොටසේ සංවර්ධන කටයුතු මේ වන විට කඩිනමින් සිදු කෙරෙමින් පවතී.

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය ඉදිරි මාස කිහිපයේ දී කඩිනමින් අවසන් කිරීම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ සැලසුමයි.