Thursday, 25 April 2024

දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරුවරු බඳවා ගැනීමේ අයදුම්පත් කැඳවේ

Posted On Thursday, 09 February 2023 10:01

දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරුවරු බඳවා ගැනීමේ අයදුම්පත් කැඳවේ

 

දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරුවරු බඳවා ගැනීම සදහා වන තරඟ විභාගයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අයදුම්පත් කැඳවා ඇත.

ඒ සඳහා රාජ්‍ය සේවයේ ඕනෑ ම තනතුරක සේවය කරන වයස අවු. 40ට අඩු උපාධිධාරීන්ට අයදුම්පත් යොමු කළ හැකි ය.

මෙම පියවර ගනු ලැබූයේ දැනට අ.පො.ස. උසස් පෙළ සඳහා පවතින විශාල ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් කඩනමින් පිරවීමේ අවශ්‍යතාව සාක්ෂාත් කර ගැනීම සඳහා වන අතර එම බඳවා ගැනීමෙන් පසුවත්, ඉතිරි වන හා ඇති වන පුරප්පාඩු පිරවීම සඳහා අනෙකුත් උපාධිධාරීන් බඳවා ගැනීමට පළාත් සභා විසින් පියවර ගනු ඇත.