Friday, 19 April 2024

කොරියන් විභාගයේ අයදුම්පත්‍ර ගැනීමට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න

Posted On Wednesday, 08 February 2023 16:23

කොරියන් විභාගයේ අයදුම්පත්‍ර ගැනීමට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න

 

මෙවර කොරියානු විභාගයට අයදුම් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් ඔහු/ඇය සම්බන්ධයෙන් මූලික තොරතුරු කිහිපයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (පුහුණු හා බඳවා ගැනීම්) පී.ජී.ජී.එස්.යාපා මහතා ප්‍රකාශ කරයි.

කොරියානු HRD ආයතනය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය එක්ව සිදු කරන 2023 වසරේ ධීවර සහ නිෂ්පාදන ක්ෂේත්‍ර වලට කොරියානු රැකියා සඳහා යොමුවන පුද්ගලයින් සඳහා වන මූලික අදියරේ විභාගය සඳහා වන මූලික පරීක්ෂණ සඳහා වන අයදුම්පත් කැඳවීම පෙබරවාරි 13 දින සිට 22 දක්වා සිදු කෙරේ.

ගියවසරේ දී මෙලෙසම අයදුම්ත් කැඳවූ අවස්ථාවේ දී 31,000 කට අධික ප්‍රමාණයක් නිෂ්පාදන ක්ෂේත්‍රයේ පමණක් අයදුම්ත් ලැබී තිබු අතර ඒ අනුව, අයදුම්පත් නිකුත් කිරීමේ දී යම් යම් ගැටළු කාරී තත්ත්වයන් මතු හෙයින් මෙවර අයදුම්පත් නිකුත් කරන අයවලුන්ගේ පුර්ව ලියාපදිංචියක් ලබා ගැනීමට කාර්යංශය තීරණය කර ඇති බව ඒ මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව, අයදුම්පත් නිකුත් කිරීම පහසු කිරීමට අයදුම් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඔහු/ඇය සම්බන්ධයෙන් මූලික තොරතුරු කිහිපයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත්, කාර්යාංශයේ වෙබ් අඩවියට ගොස් සම්පුර්ණ නම, උපන්දිනය, දිස්ත්‍රික්කය, ජාතික හැඳුනුම්පත් අංකය, ගමන් බලපත්‍රය ඇත්නම් එහි අංකය සහ කල් ඉකුත් වීමේ දිනය සහ සමබන්ධ කළ හැකි දුරකථන අංකයක් වශයෙන් තොරතුරු ඇතුළත් කරන ලෙසත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙම පුර්ව තොරතුරු ලබා දී නොමැති නම් අයදුම්පත් ලබා ගැනීමට යාමේ දී යම් යම් අපහසුතාවයන් ඇති විය හැකි බව ද, පෙබරවාරි 04 සිට එකී ලියාපදිංචියට හැකි අතර දින (07) මධ්‍යම රාත්‍රී දක්වා පුර්ව තොරතුරු ඇතුළත් කළ හැකි බවද යාපා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.