Friday, 29 March 2024

ශ්‍රී ලාංකීය සිනමාවේ කාන්තා ලකුණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පිරිස් සමුගනී

Posted On Thursday, 19 January 2023 07:06

ශ්‍රී ලාංකීය සිනමාවේ කාන්තා ලකුණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පිරිස් සමුගනී

 

ශ්‍රී ලාංකීය සිනමාවේ කාන්තා ලකුණ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පිරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

ඇය මිය යන විය 87 වැනි වියේ පසුවිය.

අද්විතීය සිනමාවක් මෙරට තිබුණා. සිනමාව මේ මට්ටමට ගෙන් ඒමට මූලිකත්වය ගත් ලෙස්ටර් ජේම්ස් මැතිදුන්ගේ අභාෂාය ලද සුමිත්‍රා පීරිස් මැතිණිය මෙරට සිනමාවේ අනිත් අ නොදුටු පැත්තක් දුටුවා.එක් පැත්තකින් සෞන්දරයත් සංස්කෘතියට අදාළ හර පද්ධති ගැන එතුමිය ගැඹුරින් විස්තර කළා. අනෙකුත් අය පස්සට ගිය තැන් භියක් නොමැතිව එතුමිය ආමන්ත්‍රණය කළා.එතුමිය වැනි ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවන්ගේ නික්ම යාම අදට වඩා අපට හෙට දැනේවි.

1935 මාර්තු 24 දින මෙලොව එළිය දුටු සුමිත්‍රා පීරිස් ශ්‍රී ලාංකීය සිනමාවේ සිටින විශිෂ්ඨ අධ්‍යක්ෂකවරියයි. 1990 දශකයේ අගභාගයේදී ඇය ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස කටයුතු කරමින් මහඟු සේවයක් ඉටු කළාය. ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද මහත් ජනාදරයට පාත්‍ර වූ චිත්‍රපටය වනුයේ ‘ගඟ අද්දර’ චිත්‍රපටයයි.

ගැහැනු ළමයි,ගඟ අද්දර,යහළු යෙහෙළි,මායා,සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා,ලොකු දුව,දුවට මවක මිස,සක්මන් මළුව,යහළුවෝ යන විශිෂ්ඨ සිනමා කෘති ඇය විසින් අධ්‍යක්ෂණය කළාය

ජනාධිපති සම්මාන

හොඳම සංස්කරණය - අහසින් පොළොවට – 1979
හොඳම සංස්කරණය - ගඟ අද්දර - 1981
හොඳම අධ්‍යක්ෂණය - ගඟ අද්දර – 1981
හොඳම අධ්‍යක්ෂණය - යහළු යෙහෙළි – 1983
හොඳම අධ්‍යක්ෂණය - ලොකු දුව - 1997
හොඳම අධ්‍යක්ෂණය - දුවට මවක මිස - 1998
සරසවිය සම්මාන
හොඳම සංස්කරණය - ගම්පෙරළිය – 1964
හොඳම සංස්කරණය - දෙලොවක් අතර – 1967
හොඳම අධ්‍යක්ෂණය - ගඟ අද්දර – 1981
හොඳම අධ්‍යක්ෂණය - මායා – 1985
හොඳම අධ්‍යක්ෂණය - සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා – 1989
සිග්නිස් (ඕ.සී.අයි.සී) සම්මාන
හොඳම සංස්කරණය - අහසින් පොළොවට – 1979
හොඳම අධ්‍යක්ෂණය – ගැහැනු ළමයි – 1979
හොඳම අධ්‍යක්ෂණය - යහළු යෙහෙළි – 1983
හොඳම අධ්‍යක්ෂණය - සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා - 1989