Saturday, 27 April 2024

අ.පො.ස උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වෙනිදා සිට - විභාග මධ්‍යස්ථාන 2200ක් සූදානම්

Posted On Wednesday, 18 January 2023 16:18

අ.පො.ස උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වෙනිදා සිට - විභාග මධ්‍යස්ථාන 2200ක් සූදානම්

 

අ.පො.ස උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වෙනිදා ආරම්භ වීමට නියමිත බවත් එය පෙබරවාරි මස 17වෙනිදා දක්වා පැවැත්වෙන බවද විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී.අමිත් ජයසුන්දර මහතා පැවසීය.

විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවසුවේ, මෙවර පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය සම්බන්ධව අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඉරිදා සහ රජයේ නිවාඩු හැර සම්පූර්ණ දින 22ක් විභාගය පැවැත්වෙන බව පැවසු විභාග කොමසාරිස් ජනරාල්වරයා, අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා අයදුම්කළ මුළු අපේෂකයින් 331,709 අතරින් පාසැල් අයදුම්කරුවන් 278,196 ක් සිටින බවත් පෞද්ගලික අයදුම්කරඅවන් 53,513ක් සිටින බවද කීය.

එසේම මෙම මුළු දිවයිනම ආවරණය වන පරිදි විභාග මධ්‍යස්ථාන 2200ක් සූදානම් කර ඇති බවත් විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ දිවයින් ආශ්‍රිතවද විභාග මධ්‍යස්ථාන සූදානම් කර ඇති බවද කී විභාග කොමසාරිස් ජනරාල්වරයා , බන්ධනාගාර රැදවියන් සඳහා වැලිකඩ මැගසින්ස් බන්ධනාගාරයේ විභාග මධ්‍යස්ථානයක්ද විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා රත්මලාන , තංගල්ල ප්‍රදේශයේ විභාග මධාස්ථාන 02 ක් ද මහරගම අපේක්ෂා රෝහලේ විභාග මධ්‍යස්ථානයක්ද ආදි වශයෙන් විශේෂීත වූ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවද කීය.

විභාග මධ්‍යස්ථාන හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානවල රාජකාරී කටයුතු සිදු කරන සියලු නිලධාරීන් මේ වන විට පුහුණු කර අවසන් බව කී විභාග කොමසාරිස් ජනරාල්වරයා , මේම විභාගය පැවැත්වෙන මුළු කාල සීමාවටම ආරක්ෂාව අවශ්‍ය බවත් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ,ත්‍රිවිධ හමුදාව,පොලිසීය සමඟ සාකච්ඡා කර අවශ්‍ය විධිවිධාන යොදා ඇති බවද පැවසුවේය.

විභාගය පැවැත්වෙන දිනවල රටේ කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇතැයි කී විභාග කොමසාරිස් ජනරාල්වරයා , මේ වන විටද ඉදිරි කාලයේ කාලගුණික තත්ත්වයන් සම්බන්ධායන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දිනපතා වාර්තා ලබා ගන්නා බවත් ඒ අනුව ඉදිරිය සැළසුම් කරන බවද කීය.

එසේම ඉදිරි විභාගයේදී අවශ්‍ය ප්‍රවාහන පහසකම් සැපයීම සඳහා ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය , දුම්රිය දෙපාර්තමේන්තුව ,පෞද්ගලික මගී ප්‍රවාහන සංගම් , ශ්‍රි ලංකා ප්‍රවාහන කොමිෂන් සභාව විභාග දෙපාර්තමේන්තුව සමඟ එක්ව කටයුතු කරන බවත් විශේෂයෙන් විභාග පැවැත්වෙන තෙක් කාල සීමාව තුළ විදුලිය විසන්ධි නොකිරීමට සළකා බලන ලෙස විදුලි බල මණ්ඩගයෙන් සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමෙන් ඉල්ලීමක් කර ඇති බවත් ඔවුන්ගෙන් ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.

විභාගය සඳහා අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර මේ වන විට නිකුත් කර ඇති බවත් විභාගයට දින 10කට පෙර ප්‍රවේශ පත්‍රය අපේෂකයන්ට ලබා දීමට කටයුතු කර ඇති බවත් කී විභාග කොමසාරිස් ජනරාල්වරයා , පාසැල් අපේෂකයින් ගේ ප්‍රවේශ පත්‍ර අදාළ විදුහල්පතිවරුන් වෙත නිකත් කර ඇති බවත් පෞද්ගලික අපේකෂකයින්ට ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇති බව ද කීය.

මෙම ප්‍රවේශ පත්‍ර වල යම් අඩු පාඩු ඇත්නම් ඒවා වහාම නිවැරදි කර ගත යුතු බවත් ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුවට පැමිණීමට අවශ්‍ය නොවන බවත් කී විභාග කොමසාරිස් ජනරාල්වරයා , මාර්ග ගත ක්‍රමය ඔස්සේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස ප්‍රවේශ පත්‍රය සංශෝධනය කර නිවැරදි කර ගැනීමට හැකියාව ඇති බවත් පාසැල් අයදුම්කරුවෙක් නම් පාසැලේ විදුහල්පතිතුමිය හෝ විදුහල්පතිතුමා හරහා විභාග ප්‍රවේශ පත්‍රය නිවාරදි කර ගත යුතු බවත් අවශ්‍ය සංශෝධන කල පසු ලිපියක් ලැබෙන බවත් එහි පිටපතක් මුදුණය කර ගත යුතු බවද කීය. එසේම විභාගය පැවැත්වෙන දිනට යම් සංශෝධනක් කළ අපෙක්ෂකයෙක් වෙතොත් සංශෝධණය කළ පසු තමන් හය ලැබුනු ලිපියෙහි පිටපත හා ප්‍රවෙශ පත්‍රය රැගෙන යාමෙන් විභාගය කිසිදු බාධාවකින් තොරව මුහුණ දිය හැකි බවද කීය.

විභාගය සඳහා රැගෙන යා යුතු අත්‍යවශ්‍ය දෑ සම්බන්ධයෙන් මතක් කළ විභාග කොමසාරිස් ජනරාල්වරයා , පාසැල් අපේක්ෂකයෙක් නම් තමගේ පාසැල් විදුහල්පතිතුමාගේ හෝ ඒ සඳහා බලය පවරා ඇති නි‍යෝජ්‍ය විදුහල්පතිවරයාගේ අත්සන සහතික කර ප්‍රවේශ පත්‍රය විභාග ශාලාවට රැගෙන යන ලෙසත් පෞද්ගලික අපේක්ෂකයෙක් නම් අත්සන සහතික කිරීමට බලය පවරා ඇති පුද්ගලයෙක්ගෙන් අත්සන සහතික කර විභාග ශාලාවට රැගෙන යන ලෙසත් වලංගු හැදුනුම් පත්‍රයත් ඒ සඳහා ජාතික හැදුනුම් පත එසේ නොමැති නම් වලංගු විදේශ ගමන් බල පත්‍රය හෝ වලංගු රියදුරු
බලපත්‍රය භාවිතා කළ හැකි බවද කීය.

විභාගයේදී පිළිතුරු ලිවීමේදි නිල් හෝ කළු පෑනක් භාවිතා කරන ලෙස කී විභාග කොමසාරිස් ජනරාල්වරයා ජංගම දුරකතන වෙනත් විද්‍යුත් උපකරණ භාවිතා කළ නොහැකි බවද කීය.

ගණකාධිකරණ විෂය,ඉජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය, තාක්ෂණවේදය සඳහා විධයාව යන විෂයන් සඳහා පමණක් වැඩසටහන් සම්පාදන කළ නොහැකි ගණක යන්ත්‍ර භාවිතා කිරීමට අවසර දී ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

එසේම විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා විශේෂ වැඩ පිළිවෙලවල් විභාග දෙපාර්තමේන්තුව සකස් කැ ඇති බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

අ.පො.ස උසස් පෙළ විභාග කාල සටහනට අනුව විෂය ගැටුමක් ඇතිවුව හෝත් එය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක් වූ විභාග කොමසාරිස් පාලන , විමර්ශන පර්යේෂණ හා සංවර්ධන ගයත්‍රි අබේගුණසේකර මහත්මිය පවසා සිටියේ , විභාග ප්‍රවේශ පත්‍රය සමග විභාග කාල සටහන අපේක්ෂයන් වෙත නිකුත් කරන බවත් නියමිත දිනට එම කාල සටහනට අනුව විභාග මධඨස්ථාන වෙත යන ලෙසත් ය.

එසේම අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළව සාමාන්‍ය පොදු පරීක්ෂණය සහ සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාව ඇතුළුව විෂයන් 65ක් ඇති බවත් ප්‍රධාන විෂයක් අතර දින පරතරයක් තබා ඇති බවත් සෑම අපේක්ෂකයෙකුටම පහසුවන ලෙස විභාග කාල සටහන සකසා ඇති බවද විභාග කොමසාරිස් පාලන ගයත්‍රි අබේගුණසේකර මහත්මිය පැවසුවාය.

එසේම විභාග කාල සටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් පිටුවෙන් පමණක් ලබා ගන්නා ලෙස ඉල්ලීමක් කළ විභාග කොමසාරිස් පාලන ගයත්‍රි අබේගුණසේකර මහත්මිය කිසියම් අපේක්ෂකයෙක් එක් වරුවක විෂයන් 02කට පෙනී සිටීමට ඇත් නම් අදාළ දිනට පෙර විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපති දැනුවත් කළ යුතු බවත් එදිනට අපේක්ෂකයාට කාල සටහනේ මුලින් ඇති විෂය ප්‍රථමයෙන් පිළිතුරු ලිවීමට ලබා දෙන බවත් දෙවනුව ඇති විෂය ඉන් පසුව ලබා දෙන බවද දකීය.

තමන්ට හොදින් පිළිතුරඅ ලීවිමට හැකි ප්‍රශ්නය තොරා ප්‍රථමයෙන් පිළිතුරු ලිවීම කළ යුතු බව කී විභාග කොමසාරිස් පාලන ගයත්‍රි අබේගුණසේකර මහත්මිය එයින් සාර්ථකව විභාගයට මුහුණ දීමට හැකියාව ලැබෙන බවද පැවසුවාය.