විදේශ රැකියා අපේක්‍ෂිත පුද්ගලයින්ට අවස්ථාවක් උදා කරමින් රැකියා පොළ වැඩසටහන 20 දා Zoom ඔස්සේ පැවත්වේ.
ඒ අනුව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ බලපත්‍ර ලාභී නියෝජිතආයතන සම්බන්ධ කර ගනිමින් සිදු කෙරෙන මෙම රැකියා වෙළඳපොල එදින පෙරවරු 10.00 සිට පැවත්වේ.
මේ සඳහා වෘත්තීය සුදුසු කමක් ඇති/නැති පුද්ගලයින්ට විදේශ රැකියාවක් සඳහා යාමට බලාපොරොත්තුවෙන් සිටි නම් මෙම වැඩසටහනට සහභාගී විය හැකි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
එදින Zoom ඔස්සේ වැඩසටහන සඳහා පහත සබැඳිය ඔස්සේ සම්බන්ධ විය හැකිය.
https://us06web.zoom.us/j/81707974877...
Meeting ID: 817 0797 4877
Passcode: 036404