Saturday, 20 April 2024

ලිට්‍රෝ ගෑස් මිල පහළට - ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති

Posted On Thursday, 05 January 2023 15:14

ලිට්‍රෝ ගෑස් මිල පහළට - ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති

 

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය වන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (05) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේය.

ඒ අනුව, 12.5Kg ගෑස් සිලින්ඩරයක් රුපියල් 201 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,409 කි.

මේ අතර 5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80 කින් මිල පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1,770 ක් වන අතර 2.3Kg ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 822 කි.

ලිට්‍රෝ සමාගම 2022 වසරේ දී බිලියනයකට අධික ලාභයක් ද සහිතව සනිටුහන් කළ බවත්, ඒ අනුව 2023 වස‍රේ ශක්තිමත් රාජ්‍ය ආයතනයක් ලෙස ඉදිරියට යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව හෙතෙම ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.