Friday, 26 April 2024

ගුරු මාරු ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Posted On Thursday, 29 December 2022 17:05

ගුරු මාරු ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

 

2022 වර්ෂය තුළ දී විවිධ හේතු මත තමාගේ නිත්‍ය සේවා ස්ථාන වන පාසල්වලින් බැහැර ව 2022/ 12/ 31 දින දක්වා වෙනත් පාසල්වලට අනුයුක්ත කර ඇති ගුරු භවතුන්ට, ඉදිරියේ දී මාරු මණ්ඩල මගින් ස්ථාන මාරුවීම් ලබා දෙන තෙක් 2022 පාසල් අධ්‍යයන වර්ෂය අවසන් වන 2023/ 03/ 24 දක්වා එම ගුරු භවතුන්ගේ අනුයුක්තය දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි

2022/ 12/ 31 දක්වා අනුයුක්ත ව සිටි එම ගුරු භවතුන් වෙත මේ සම්බන්ධයෙන් නැවත ලිපියක් නිකුත් නොකරන අතර මීට ඉහත ඊට අදාළ ව නිකුත් කර ඇති ලිපිය ම 2023/ 03/ 24 දින දක්වා බලාත්මක වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙි.