Saturday, 20 April 2024

සුනාමියෙන් දිවි අහිමිවූවන් සැමරුම තෙල්වත්ත පැරූලිය දී

Posted On Monday, 26 December 2022 15:09

සුනාමියෙන් දිවි අහිමිවූවන් සැමරුම තෙල්වත්ත පැරූලිය දී

 

ජාතික සුරක්ෂිතතා දිනයට සමගාමීව දෙසැම්බර් 26 වැනි දිනට පවත්වනු ලබන සුනාමි ව්‍යවසනයෙන් මිය ගිය මෙන්ම අතුරුදන් ප්‍රජාවට පින් පැමිණවීමේ සහ අනුස්මරණය කරලීමේ වැඩසටහන අද (26) පෙරවරුවේ තෙල්වත්ත පැරූලිය සුනාමි ස්මාරකය ඉදිරිපිට දී පැවැත්විය.

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්කොන් මහතා මේ අවස්ථාවට එක් විය.

සුනාමි ව්‍යසනය සිදු වි 2022 වර්ෂය වන විට වසර 18ක් සම්පූර්ණ වේ. සුනාමි දින පෙරවරුවේ තෙල්වත්ත ප්‍රෙද්ශයේ සිදු වූ දුම්රිය අනතුර සිහිපත් කරමින් අද දින එම අවස්තාවට ළඟා වූ දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. කේ. ඉදිකොලගේ මහතා ඇතුලු පිරිසද සුනාමි ස්මාරකය වෙත පැමිණ පුෂ්පෝහාර දක්වන්නට විය.

මේ අවස්තාව සඳහා පළාත් පාලන ආයතන මහජන නියෝජිතයින් මෙන්ම ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා , ජාතික ආපදා කලමණාකරණ මධ්‍යස්තානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රනසිංහ මහතා ඇතුලු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.දෙස් විදෙස් රැසක් මෙම පුෂ්පෝහාර දැක්වීමට එක්ව සිටිහය.

සිංගප්පුරුව මහා කරුණා බෞද්ධ සංගමය විසින් තොරා ගත් පාසල් දරැ දැරියන් 500කට මෙම අවස්තාවේ පාසල් උපකරණ පරිත්‍යාග කිරිමද මෙයට සමගාමීව සිදු කෙරිනි.
DMU/Galle