Thursday, 25 April 2024

දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්

Posted On Sunday, 25 December 2022 16:48

දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්

 

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට අද (25) පෙරවරු 8.30 සිට ඉදිරි පැය 24 ක කාලයක් දක්වා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල , කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම , මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලෙපොළ,උකුවෙල, ලග්ගල ,පල්ලේගම,රත්තොට සහ නාඋල යන ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම 2 , අවධානයෙන් සිටින්න ලෙස දන්වන ඇම්බර් වර්ණයෙන් යුතු නිවේදනය නිකුත් කර තිබේ.

එසේම මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර,උඩුනුවර,පාතදුම්බර,පාතහේවාහැට සහ ගඟ ඉහල කෝරලේ , කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව සහ රඹුක්කන මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ සහ යටවත්ත , නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ යන ප්‍රදේශවලට විමසිලිමත් වන ලෙස දැනුම් දෙන කහ වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ 1 මට්ටමේ නිවේදනයක් නිකුත් කර ඇති බව එම සංවිධානය වැඩිදුරටත් පවසයි.