Saturday, 11 May 2024

සංසරණ වායු තත්ත්වය සම්බන්ධයෙන් දිනපතා මහජනතාව දැනුවත් කිරීම ජනවාරි සිට

Posted On Thursday, 22 December 2022 08:54

සංසරණ වායු තත්ත්වය සම්බන්ධයෙන් දිනපතා මහජනතාව දැනුවත් කිරීම ජනවාරි සිට

 

ශ්‍රී ලංකාවේ වායු දුෂණය සම්බන්ධයෙන් දිනපතා ලබා ගන්නා සංසරණ වායු තත්ත්වය පිළිබඳව මාධ්‍ය මඟින් ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් 2023 ජනවාරි සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සදහන් කරයි.

මේ සදහා මධ්‍යම පරිසරය අධිකාරිය හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් තොරතුරු මුදා හාරිය හැකි ආකෘතියක් ද මේ වන විට සකස් කර ඇත.

2023 ජනවාරි සිට දිනපතා මාධ්‍ය වෙත යොමු කරන " සංසරණ වායු තත්ත්වය " පිළිබඳ දත්ත හා තොරතුරු ප්‍රවෘත්ති විකාශනවල හා දිනපතා,සතිපතා පුවත්පත් මගින් මහජනතාව දැනුවත් කරන ලෙසද මොටර් රථ ප්‍රවාහන ⁣දෙපාර්තමේන්තුව වැඩිදුරටත් මාධ්‍ය ආයතනවලින් ඉල්ලා තිබේ.