Sunday, 12 May 2024

" සතුන් අපේ මිතුරෝය" අධ්‍යාපනික ප්‍රදර්ශනය දෙහිවල සත්වෝද්‍යානයේ දී

Posted On Thursday, 22 December 2022 08:46

" සතුන් අපේ මිතුරෝය" අධ්‍යාපනික ප්‍රදර්ශනය දෙහිවල සත්වෝද්‍යානයේ දී

 

දෙහිවල සත්වෝද්‍යානය සංවිධානය කරන " සතුන් අපේ මිතුරෝය" අධ්‍යාපනික ප්‍රදර්ශනය දෙසැම්බර් මස 23,24,25 යන දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා දෙහිවල සත්වෝද්‍යානයේ දී පැවැත්වෙයි.

ඒ අනුව 23 වැනි දින පාසල් දරුවන් සඳහා නොමිලේ සත්වෝදානය නැරඹීමට හැකි අතර ඔවුන් වෙනුවෙන් විශේෂාංග රැසක් පැවැත්වේ.

එසේම 24 වැනි දින වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට හැකි අතර ඔවුන් වෙනුවෙන්ද විශේෂාංග රැසක් සංවිධානය කර තිබේ.

නත්තල් උත්සවය සැමරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් මාලාවක් දෙසැම්බර් මස 25 වැනි දින පැවැත්වෙන බවද සත්වෝද්‍යානය මහජනතාවට දැනුම් දෙයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0718095868 දුරකතන අංකය අමතා ලබා ගත හැකියි.