Thursday, 18 April 2024

සංවර්ධන නිලධාරීන් ලෙස බඳවා ගත් රාජ්‍ය සේවකයින් 26,000ක් ජනවාරි මස සිට ගුරු සේවයට

Posted On Wednesday, 09 November 2022 16:50

සංවර්ධන නිලධාරීන් ලෙස බඳවා ගත් රාජ්‍ය සේවකයින් 26,000ක් ජනවාරි මස සිට ගුරු සේවයට

 

සංවර්ධන නිලධාරීන් ලෙස බඳවා ගත් රාජ්‍ය සේවකයින් 26,000ක් එළඹෙන ජනවාරි මස සිට ගුරු සේවයට ඒක් කර ගැනීම සඳහා කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ් අනුව 2018,2019,2020,2021 වසර වලදී සංවර්ධන නිලධාරින් වශයෙන් පත් වීම් ලැබූ උපාධිධාරින්ට දීප ව්‍යාප්ත වශයෙන් පොදු විභාගයක් පවත්වා මෙම බඳවා ගැනීම් සිදු කරනු ලැබේ.

තවද, ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලැබෙන අරමුදල් මඟින්,පාසල්වල භෞතික සම්පත් සම්පූර්ණ කිරීමට එකඟ වී ඇති ඇතැයි ද අමාත්‍යවරයා කීය.