Saturday, 20 April 2024

දීපවාලි දිනය සැමරීම සඳහා දමිළ පාසල්වලට නිවාඩු

Posted On Friday, 21 October 2022 16:49

දීපවාලි දිනය සැමරීම සඳහා දමිළ පාසල්වලට නිවාඩු

 

2022 ඔක්තෝබර් මස 24 සඳුදා දිනට යෙදී ඇති දීපවාලි දින උත්සවය වෙනුවෙන්, දමිළ පාසල්වල අවශ්‍යතාවය සළකා බලා 2022 ඔක්තෝබර් මස 25 වන අඟහරුවාදා නිවාඩු ලබාදිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.

ඒ වෙනුවට 2022 ඔක්තෝබර් මස 29 වන සෙනසුරාදා පාසල් පැවැත්විය යුතු බවත්, මෙසේ නිවාඩු ලබා දෙන පාසල්වල විදුහල්පතිවරුන් ඒ බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කළ යුතු බවද දන්වා සිටියි.