Thursday, 28 March 2024

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත්වෙයි

Posted On Wednesday, 19 October 2022 06:26

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත්වෙයි


අනුරාධපුර අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත්වූහ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ(18) රාත්‍රී අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වූ බව වාර්තා විය.
අපවත්වනවිට උන්වහන්සේ 69 වැනි වියේ පසු වූහ.

1953 වසරේ ජන්මලාභය ලද පල්ලේගම සිරිනිවාස නාහිමි 1968 වසරේ අනුරාධපුර රුවන්වැලි චෛත්‍යරාමයේදී පැවිදි දිවියට ඇතුළත් වී තිබේ.

අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිසුමන නාහිමි 1997 වසරේදී අටමස්ථානාධිපති පත් වූ අතර උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ලෙස ද උන්වහන්සේ කටයුතු කළහ.