“කොතතරම් කුඩා වුවද,ඒ සියල්ල ප්‍රතිචක්‍රිකරණය කරන්න” ජාත්‍යන්තර විද්‍යුත් අපද්‍රව්‍ය තේමාව මුල්කරගෙන පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ මුලිකත්වයෙන් ජාත්‍යන්තර ඉලොක්ට්‍රොනික අපද්‍රව්‍ය දිනය නිමිත්තෙන් ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතුකර මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතු කරන්නන් මගින් අපහරණය කිරිමේ වැඩ සටහනක් පරිසර අමාත්‍යාංශයේදී පැවැත්විණ.
මෙම අවස්ථාවේ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ සෑම වසරකම ඔක්තෝම්බර් මස 14 වන දින ජාත්‍යන්තර විද්‍යුත් අපද්‍රව්‍ය දිනය වශයෙන් 2018 වසරේ සිට සමරනු ලබනවා.. මෙය බෙල්ජියමේ බ්‍රසල්ස් නගරය මූලික කරගෙන ලොව පුරා සිටින නිෂ්පාදක වගකීම මූලික කර ගත් සංවිධාන 43ක් නියෝජනය කරන්නගේ සංගමයක් විසින් විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය දිරිගැන්වීමට ආරම්භ කරා. භාවිතයෙන් ඉවත් කරන ලද ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත් විද්‍යුත් අපද්‍රව්‍ය ගණයෙහිලා භාවිතයෙන් ඉවත් කරන ලද පරිගණක යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර, ඡායා පිටපත් යන්ත්‍ර, ජංගම දුරකථන යන්ත්‍ර, ශීතකරණ ආදිය අපිට ඉවත් කරන්න පුළුවන්.ඒ වගේම ඉදිරියේ දී රාජ්‍ය ආයතන මුල් කරගෙන මුලිකව මෙම වැඩ සටහන දියත් කරන්නත් කටයුතු සුදානම් කරනවා.
තව දුරටත් අදහස් දක්වමින් 2019 වර්ෂයේදී ලොව කුඩා විද්‍යුත් අපද්‍රව්‍ය ටොන් මිලියන 22කට වඩා ජනනය කර ඇති අතර එය ගෝලීය වශයෙන් නිපදවන සියලුම විද්‍යුත් අපද්‍රව්‍යවලින් 40% ප්‍රමාණයක් පමණි. එලෙසම 2030 වන විට කුඩා ප්‍රමාණයේ විද්‍යුත් අපද්‍රව්‍ය ටොන් මිලියන 29 දක්වා ළඟ වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව 2021 වර්ෂයේදී සෑම පුද්ගලයෙක් විසින්ම සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 7.6ක් ජනනය කර තිබේ. එනම් ලොව පුරා 2021 වර්ෂයේදී පමණක් ටොන් මිලියන 57.4ක් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ජනනය වී ඇති බවයි. හානිකර ද්‍රව්‍ය හා වටිනා ද්‍රව්‍ය මිශ්‍රණයක් අඩංගු මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යවලින් 17.4 %ක් පමණක් නිසි ලෙස එකතු කර ප්‍රතිචක්‍රීකරණය කර ඇති බවට සටහන්ව ඇත.
මේ තරම් අවම ප්‍රමාණයකින් ප්‍රතිචක්‍රීකරණය පැවතීමට හේතුන් ලෙස විද්‍යුත් අපද්‍රව්‍ය පිළිබඳ නිවැරදි දැනුම්වත්භාවයක් නොමැතිකම හා පාරිභෝගිකයින්ගේ අනිසි පරිහරණය නොමැතිකම යන්න එම වාර්තාවල දක්වා ඇතැයි වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (ITU) ද පෙන්වා දෙන්නේ විද්‍යුත් අපද්‍රව්‍ය ලොව විශාලතම හා සංකීර්ණම අපද්‍රව්‍ය ප්‍රවාහයන් ගෙන් එකක් බවයි. මෙම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අතර මේවායේ රත්රන්, රිදී, ප්ලැටිනම් වැනි වටිනා බැරලෝහ වර්ග මෙන්ම ආසනික්, කැඩ්මියම්, රසදිය වැනි ඉතා විෂ සහිත බැරලෝහ වර්ග ද අඩංගු වේ.
මෙම විෂ සහිත බැරලෝහ වර්ග හා වෙනත් ගිනි ගැනීම් වළක්වන රසායනික ද්‍රව්‍ය ආදිය අඩංගු නිසා මෙම අපද්‍රව්‍ය “උපද්‍රවකාරී අපද්‍රව්‍යයක්” ලෙසට සලකනු ලබන අතර මෙම අපද්‍රව්‍ය වලදැමීම සහ පිළිස්සීම සිදු නොකළ යුතු අතර නිසි ක්‍රමවේදයකින් තොරව පරිසරයට බැහැර කිරීමෙන් පාරිසරිකව හා සෞඛ්‍යමය වශයෙන් විශාල බලපෑමක් ඇති වන බව සොයාගෙන ඇත. ඉහත රසායනික සහ බැර ලෝහ පරිසරයට එකතු වීමෙන් ජලය, වාතය සහ පස දුෂණය වන අතර ශාක සහ සත්ත්ව ප්‍රජාවට ද බලපෑම් ඇති කරයි. මෙම අපද්‍රව්‍යවල අඩංගු වටිනා බැරලෝහ වර්ග හා අන්තරායකර විෂ ද්‍රව්‍ය ප්‍රතිසාධනය හා ආරක්ෂිතව ප්‍රතිචක්‍රීකරණය මඟින් ආර්ථික වටිනාකමක් මෙන්ම පාරිසරික හා මානව සෞඛ්‍යට හිතකර ප්‍රතිලාභ ලඟා කර ගත හැකි ය යන්න ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
ඒ අනුව ජාත්‍යන්තර විද්‍යුත් අපද්‍රව්‍ය දිනයට සමගාමීව පරිසර අමාත්‍යාංශයේ මුලිකවයෙන් ක්‍රියාකාරකම් කිහිපයක් සංවිධානය කර ඇත. මෙහිදී පසුගිය වසරේ මෙන්ම මෙවර ද අමාත්‍යාංශ සේවකයින්ගේ නිවාස හා අමාත්‍යාංශ පරිශ්‍රයේ එක් රැස්ව පවතින විද්‍යුත් අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත. එයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරියේ සහ බස්නාහිර පළාත් සභාව තුළත් විද්‍යුත් අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහන් කිහිපයක් සංවිධානය කර ඇත.