Wednesday, 24 April 2024

සැම්බියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට ජලභීතිකා එන්නත් තොගයක් පරිත්‍යාග ‍කරයි

Posted On Tuesday, 13 September 2022 08:26

සැම්බියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට ජලභීතිකා එන්නත් තොගයක් පරිත්‍යාග ‍කරයි

 

සැම්බියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්, සැම්බියා ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය හරහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ජලභීතිකා එන්නත් 1150 ක් පරිත්‍යාග කළහ.

මෙම පරිත්‍යාගය සැම්බියාවේ ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් එල්මෝ ජයතිලක මහතා සහ රොනී පීරිස් මහතා විසින් සම්බන්ධීකරණය කරන ලද අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ශ්‍රී ලංකාවේ සිට එය සම්බන්ධීකරණය කළේය.

නිර්වේතනික කොන්සල්වරයා සඳහන් කරන පරිදි, සැම්බියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් මින් පෙර ද සිය පුද්ගලික පරිත්‍යාග වශයෙන් ඩොලර් 10,000 ක පමණ වටිනාකමින් යුත් ඖෂධ පරිත්‍යාග කොට ඇත.