Friday, 26 April 2024

සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීමට මූලික කටයුතු සූදානම්- අයදුම්පත් කැඳවීම සැප්තැම්බර් මස 05 ඇරඹේ

Posted On Tuesday, 30 August 2022 08:44

සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීමට මූලික කටයුතු සූදානම්- අයදුම්පත් කැඳවීම සැප්තැම්බර් මස 05 ඇරඹේ

 

සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීමට මේ වනවිට මූලික කටයුතු සූදානම් බවත් අයදුම් කිරීමට ලබන සතියේ සිට අන්තර්ජාලයෙන් අවස්ථාව සළසා ඇතැයි ද ශිෂ්‍ය අත්පොත සිකුරාදා නිකුත් කරන බව ද අයදුම්පත් කැඳවීම සැප්තැම්බර් මස 05 ඇරඹෙන බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි

විශ්වවිද්‍යාල ප්‍රවේශය සම්බන්ධව දැනුම්වත් කිරීම සඳහා අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් සභාපතිවරයා මේ බව පැවසීය

උසස් පෙළ සමත් සිසුන් 42519කට මෙවර විශ්වවිද්‍යාල වරම් හිමි වී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා කීය. දරුවන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීමට මේ වනවිට මූලික කටයුතු සූදානම් බවත් අයදුම් කිරීමට ලබන සතියේ සිට අන්තර්ජාලයෙන් අවස්ථාව සළසා ඇතැයි ද ශිෂ්‍ය අත්පොත සිකුරාදා තොරා ගත් අළෙවි සැල් සඳහා නිකුත් කරන බව ද සෙනසුරාදා සිට එය අළෙවි කරන බව ද විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ පරිශ්‍රයෙන්ද තැපැල් ඇනවුමක් මඟින්ද මෙම පොත් ලබා ගත හැකි බවද සභාපතිවරයා පවසයි.

අයදුම්පත් කැඳවීම සැප්තැම්බර් මස 05 ඇරඹෙන බවත් දරුවන්ට සති 03ක කාලයක් අයඳුම්පත් යොමු කිරීම සඳහා ලබා දී ඇති බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කීය.

එසේම විශ්වවිද්‍යාල තෝරා ගැනීමේදී යම් ගැටළුවක් මතු වුවහොත් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය විවෘත බවත් 1919 අමතා එයට විසඳුම් ලබා ගත හැකි බවද විශ්වවිද්‍යාල තොරතුරු මධ්‍යස්ථානයේ 0112695301 සහ 0112695302 දුරකතන අංක අමතා සතියේ ඔනෑම දියයක උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා දරුවන්ට ඇති ගැටළු යොමු කිරීමට හැකි බවද පැවසීය.

දරුවන් යොමු කරන අයදුම්පත් සම්බන්ධයෙන් වඩාත් සැළකිලිමත් විය යුතු බව කී සභාපතිවරයා , අයදුම්පත් පිරවීම සමබන්ධයෙන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය 03න්ම උපදෙස් ලබා දී ඇති කෙටි වීඩියෝ පට www.ugc.ac.lk වෙබ් පිටුවට පිවිස නැරඹිය හැකි බවත් එහි දී ඇති උපදෙස් අනුව අයදුම්පත් පිරවිය හැකි බව ද කීය.