Friday, 29 March 2024

මහ කන්නයේ බඩඉරිඟු වගාවට අවශ්‍ය පොහොර ලබා ගැනීමට මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචි වන්න

Posted On Sunday, 28 August 2022 17:00

මහ කන්නයේ බඩඉරිඟු වගාවට අවශ්‍ය පොහොර ලබා ගැනීමට මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචි වන්න

 

2022/23 මහ කන්නයේ බඩඉරිඟු වගාවට රසායනික පොහොර ලබා දීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ගොවීන් ලියාපදිංචි විය යුතු බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

www.agrarian.lk වෙබි අඩවිය හරහා ලියාපදිංචිය සිදු කළ යුතුයි. අගෝස්තු මස 30 වන දින දක්වා ලියාපදිංචි විය හැකිය.

දිවයිනේ ඔනෑම ප්‍රදේශයක සිටින ගොවීන් සියලු දෙනාට මේ සඳහා ලියාපදිංචි විය හැකිය බඩඉරිඟු විශාල වශයෙන් වගා කරන දිස්ත්‍රික්කයක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉරිඟු වගා කරන ගොවීන් සියලු දෙනා මෙහි ලියාපදිංචි වන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් සහකාර පොහොර අධ්‍යක්ෂ ආර්.ඩබ් බන්දුල කුමාර මහතා සදන්හ කර සිටී.

ලියාපදිංචිය සඳහා පෞද්ගලික දුරකථන පහසුකම් නැති ඕනෑම අයෙකුට ළඟම ඇති ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ලියාපදිංචිය සිදුකර ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය දන්වා ඇත. පොහොර නිකුත් කිරීම සිදු කරනු ලබන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය අනුව බවත් ඒ සඳහා ගොවීන් ලියාපදිංචි වී සිටීම අනිවාර්ය බවත් අනුරාධපුර දිස්ත්‍රික් සහකාර පොහොර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සදහන් කරයි.

බඩඉරිඟු හෙක්ටයාර හතලිස්දහසක් අනුරාධපුරය තුල වගා කිරීම මෙවර සැලසුම වන අතර බඩඉරිඟු කිලෝග්‍රෑමයක් රුපියල් 160 ක අවම මිලකට මිල දී ගැනීමට ද සැලසුම් කර තිබේ.

DMU/Anuradhapura