Friday, 10 May 2024

ශ්‍රමිකයින් 3564 දෙනකු රැකියා සඳහා දකුණු කොරියාවට

Posted On Saturday, 23 July 2022 17:38

ශ්‍රමිකයින් 3564 දෙනකු රැකියා සඳහා දකුණු කොරියාවට

 

ශ්‍රී ලංකා ශ්‍රමිකයින්ට කොරියානු රැකියා ලබාදීමේ වැඩසටහනට සමගාමීව රැකියා ගිවිසුම් අත්සන් කිරිම මේ වන විට අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී. කොරියානු රැකියාලාභීන් 200 දෙනෙකුගේ රැකියාවලට අදාළ ඇප බැඳුම්කර අත්සන් කිරිම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේදී ( 22 දින) සිදු විය.

මේ අතර 131 දෙනකුගෙන සමන්විත තවත් කණ්ඩායම් දෙකක් 2022.07.26 හා 27 දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට නියමිතය.

මේ වසරේදී රැකියා සඳහා ශ්‍රමිකයින් 3564 දෙනකු රැකියා සඳහා දකුණු කොරියාවට පිටත්ව ගොස් තිබේ.