Friday, 03 May 2024

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තබයි.

Posted On Saturday, 09 July 2022 17:09

අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් විසින් ගිනිතබා ඇති බව AFP පුවත් සේවය වාර්තා කරයි. වික‍්‍රමසිංහ සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේ සර්ව පාක්ෂික ආන්ඩුවක් බලයටගෙන ඒමට මග සැලසීම සඳහාය. “සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව ඇතළුව  රජය අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා සර්ව පාක්ෂික රජයක් සඳහා මග සලසන ලෙස අද පක්ෂ නායකයින්ගේ හොඳම නිර්දේශය මම පිළිගනිමි.                                මේ සඳහා පහසුකම් සැලසීම සඳහා මම අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා,” ඔහු ට්විටර් පණිවුඩයක් ලිවීය.

රොයිටර් පුවත් ඒජන්සියට අනුව, ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර වන කොළඹ නගරයේ දහස් ගණන් විරෝධතාකරුවන් පොලිස්බාධක බිඳගෙන මේ වසරේ පැවති විශාලතම රාජ්‍ය විරෝධී පාගමනකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල නිවසට කඩාවැදුණි. ඒ.එෆ්.පී පුවත් ඒජන්සියට අනුව ජනාධිපතිවරයා සිය නිවසින් පලා යන බවට වාර්තා පළවීය. ඇතැම් විරෝධතාකරුවන් ශ්‍රී ලංකා ධජ සහ හිස්වැසුම් අතැතිව ජනාධිපතිවරයාගේ නිවසට කඩා වැදුණු බව  NewsFirst නාලිකාවේ වීඩියෝ දර්ශන පෙන්වයි.

ශ්‍රී ලංකා ව දශක හතක දරුණුතම මූල්‍ය කැළඹීමකට ඇද දමමින් අත්‍යවශ්‍ය ඉන්ධන, ආහාර සහ ඖෂධ ආනයනය සීමා කර ඇති දැඩි විදේශ විනිමයහිඟයක් යටතේ අරගල කරමින් සිටී. දහස් සංඛ්‍යාත ජනතාවක් කොළඹට රොක් වී, ජනාධිපතිවරයාට එරෙහිව සටන් පාඨ කියමින් සහ රාජපක්ෂගේ නිවසට ළඟා වීමට තිබූ පොලිස් බාධක කිහිපයක් කඩා බිඳ දැමූ බව සාක්ෂිකරුවෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවයට වාර්තා කළේය. පොලිසිය අහසට වෙඩි තැබූ නමුත් කෝපයට පත් ජනකාය ජනාධිපති මන්දිරයවටකර ගැනීම වැළැක්වීමට නොහැකි වූ       බව සාක්ෂිකරු වැඩිදුරටත් පැවසීය