Friday, 03 May 2024

මාධ්‍යවේදීන්ට පහර දීම සම්බන්ධව කඩිනම් විමර්ශනයක් - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Posted On Saturday, 09 July 2022 15:36

මාධ්‍යවේදීන්ට පහර දීම සම්බන්ධව කඩිනම් විමර්ශනයක් - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

 

අග්‍රාමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට දී මාධ්‍ය වාර්තාකරුවන් කීපදෙනෙකුට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් පහරදීමේ සිදුවීම පිළිබඳ කඩිනම් විමර්ශනයක් පැවැත්වීමට පොලිස්පතිවරයා නියෝග කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටී.

අග්‍රාමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට දී මාධ්‍ය වාර්තාකරුවන් කීපදෙනෙකුට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් පහරදීමක් සිදු කර තිබෙන බවට වාර්තා වන බවත් මේ පිළිබඳව වහාම විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා නියෝග කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එමෙන් ම සිරස මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදීන් වෙත ශ්‍රී ලංකා පොලීසියේ කණගාටුව ප්‍රකාශ කරන බවත් නිලධාරීන්ට එරෙහිව කඩිනම් විමර්ශනයක් පවත්වා ඔවුන්ට එරෙහිව විනය පියවර ගන්නා බව පොලිස්පතිවරයා ප්‍රකාශ කර තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.