Friday, 29 March 2024

පුද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප සහ වතු කම්කරුවන්ගේ වැටුප ඉහළ දමනවා

Posted On Thursday, 23 June 2022 16:46

පුද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප සහ වතු කම්කරුවන්ගේ වැටුප ඉහළ දමනවා

 

පුද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප සහ වතු කම්කරුවන්ගේ වැටුප ඉහළ දමන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

එසේම මෙම වැටුප් ඉහළ දැමීම සඳහා අවශ්‍යවන නීති රීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඇමැතිවරයා සහතික විය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

අපි අලුත් විදියට ගැලපෙන විදියට අලුත් ලෝකයට ගැලපෙන කර්මාන්ත වැඩි කරන්න, ආයෝජකයින් වැඩි කරලා වැඩි රැකියා අවස්ථාවන් ප්‍රමාණයන්ලබාදීමට, රැකියාවල ගුණාත්මකභාවය ඉහළ දැමීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අපි නීති රීති වෙනස් කළ යුතුයි. කාන්තාවන්ට පිරිමින්ට කියලාවෙනස්කම් කිරීමට පනවලා තියෙන නීති වෙනස් කළ යුතුයි. ස්ත්‍රී පුරුෂ භේධයකින් තොරව කටයුතු කරන වැඩ ලෝකයක් අපි නිර්මාණය කළ යුතු වෙනවා.අලුත් ලෝකය ගොඩ නැගීමේදී ශ්‍රමිකයින්ගේ දරුවන්ට වෘත්තීය පුහුණුව ලබාදීමටත් අපි කටයුතු කරනවා
කම්කරුවන් මේ දවස්වල ජීවත්වෙන්නේ අමාරුවෙන් කියලා හැමෝම කියනවා. මේක සියයට සියයක් ඇත්ත කතාවක්. කෑම බීම මිල ඉහළ ගිහින්. තෙල් ටිකගහගන්න අමාරුයි. මේ නිසා පුද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළ නැංවීමට අපි සාකච්ඡා පවත්වා තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී නිශ්චිත අවමවැටුපක් පනවා, පුද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප දැනෙන ප්‍රමාණයකින් ඉහළ නැංවීමට අපි කටයුතු කරනවා. ඒ වගේම වතු කම්කරුවන්ගේපැත්තෙනුත් වැටුප් ඉහළ දමන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් වෙනවා. ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා පවත්වා, වතු කම්කරුවාටත් දැනෙන වැටුප් වර්ධකයක්ලබාදිය යුතු වෙනවා. ඒ වෙනුවෙන් අමාත්‍යාංශය පෙනී සිටිනවා. අපි ඔවුන් ආරක්ෂා කිරීමට කැපවෙනවා.