Saturday, 04 May 2024

ලෝක ළමා දිනයට සමගාමීව ළමා කෙටි චිත්‍රපට හා විත්‍ර තරගාවලියක්

Posted On Thursday, 16 June 2022 09:53

ලෝක ළමා දිනයට සමගාමීව ළමා කෙටි චිත්‍රපට හා විත්‍ර තරගාවලියක්

 

2022 ඔක්තෝබර් 01 දිනට යෙදෙන ලෝක ළමා දින ජාතික සැමරුමට සමගාමීව ජාතික මට්ටමින් ළමා කෙටි චිත්‍රපට හා චිත්‍ර තරගාවලියක් සංවිධානය කර ඇත. කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසල් හා
ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව එය ක්‍රියාත්මක කරයි.

ගුණ නැණ බල සහිත ළමා පරපුරක් ගොඩනැගීම හා දරුවන්ගේ නිර්මාණශීලී අදහස් ඔප්නංවමින්, ශ්‍රී ලාංකීය දරු පරපුරේ අයිතීන් සුරක්ෂිත කිරීමේ අරමුණින් මේ සඳහා ළමයින්ගේ සක්‍රීය සහභාගිත්වය ලබා ගැනේ.
ළමා කෙටි චිත්‍රපටි හා ළමා චිත්‍ර ලෙස අංශ දෙකක් ඔස්සේ තරග පැවැත්වේ. “ අපේ ලෝකය අපේ දෑසින්” තේමාවෙන් යුත් කෙටි ළමා චිත්‍රපට තරගයේ සීමිත අංශය ළමා සමාජ නියෝජනය කරන දරුවන්ට හා රජයේ පාසල්, දහම් පාසල් දරුවන් සඳහා ද විවෘත අංශය විශ්වවිද්‍යාල, හා පුද්ගලික අයදුම්කරුවන් සඳහා ද වෙන් කර ඇත.

“කියන්න බැරි දේ අඳින්න - තෙලිතුඩක අසිරිය” තේමා කොට ගත් ළමා චිත්‍ර තරගාවලියේ ප්‍රාථමික අංශය වයස අවුරුදු 05-06, පශ්චාත් ප්‍රාථමික අංශය වයස අවුරුදු 07-09, කනිෂ්ඨ අංශය වයස අවුරුදු 10-12, ජ්‍යෙෂ්ඨ අංශය වයස අවුරුදු 13-15 සහ ජ්‍යෙෂ්ඨ ද්විතීක අංශය වයස අවුරුදු 16-18 වශයෙන් අංශ කිහිපයකින් පැවැත්වේ. මේ සඳහා රජයේ පාසල්, අධ්‍යාපන අමාත්‍යාංශය අනුමත පෞද්ගලික පාසල්, පිරිවෙන් විද්‍යායතන, ළමා නිවාස හා ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන්ට සහභාගි විය හැක.

කෙටි විත්‍රපට හා චිත්‍ර භාරගන්නා අවසාන දිනය 2022 ජුලි 25 වේ. වැඩසටහන් පිළිබඳ සියලු විස්තර සහ අයැදුම්පත්‍ර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් වෙතින්, සහ දෙපාර්තමේන්තු http://www.probation.gov.lk වෙබ් අඩවියෙන් හා 0112 187 283 / 070 23 98 596 / 076 99 05 754 යන දුරකතන අංක අමතා ලබාගත හැක.