Saturday, 04 May 2024

ඉන්ධන හිඟය හේතුවෙන් තවදුරටත් පෞද්ගලික පොදු ප්‍රවාහන සේවාවලට බාධා

Posted On Wednesday, 08 June 2022 09:29

ඉන්ධන හිඟය හේතුවෙන් තවදුරටත් පෞද්ගලික පොදු ප්‍රවාහන සේවාවලට බාධා මතුව ඇති බව වාර්තා වේ.

 

මේ හේතුවෙන් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ, ත්‍රිරෝද රථ හා කුලි රථ ‍සේවාවන් ද නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැත.

කෙසේ වෙතත් ලංගම හා දුම්රිය සේවා සාමාන්‍ය කාලසටහන් අනුව ක්‍රියාත්මකයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, ඊයේ රාත්‍රිය වන තෙක් බෙහෝ පෞද්ගලික බස් රථ ඉන්ධන පෝලිම්වල ගාල් කර තිබූ බවයි.

මේ හේතුවෙන් අද (08) දිනයේ බස් ධාවනයට එක්කෙරෙන්නේ ඉතාම සීමිත සංඛ්‍යාවක් බව ඔහු සදහන් කළේ ය.