Monday, 06 May 2024

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අද(06) ආරම්භ වේ.

Posted On Monday, 06 June 2022 06:18

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අද(06) ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, පළමු පාසල් වාරයේ පළමු අදියරේ නිවාඩුව පෙරේදා අවසන් වූ බවයි.

මේ අතර, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිලිතුරු පත්‍ර ඇගයීම ලබන 17 වැනිදා සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේ, 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස අගදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බවය.