Thursday, 02 May 2024

කම්කරු දෙපාර්තමේන්තුවේ සියලු කාර්යාල සිකුරාදා වසා තැබේ

Posted On Thursday, 02 June 2022 09:06

කම්කරු දෙපාර්තමේන්තුවේ සියලු කාර්යාල සිකුරාදා වසා තැබේ


කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම ප්‍රාදේශීය කාර්යාල ජුනි 03 වන දා සිට සතියේ සෑම සිකුරාදා දිනකම වසා තැබෙන බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

කම්කරු කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසන්නේ, කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම ප්‍රාදේශීය කාර්යාල සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පමණක් විවෘත කර තැබෙන බවයි.

මෙම පියවර ගෙන ඇත්තේ, පවතින සම්පත් හිඟය මත රාජ්‍ය වියදම අවම කිරීමට රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලය කැඳවීම සීමා කිරීම සඳහා නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුවයි.

ඒ අනුව අධ්‍යක්ෂ ජනරාල්වරයා සේවාලාභීන්ගෙන් ඉල්ලා සිටින්නේ සේවා ලබාගැනීම සඳහා සිකුරාදා ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණීමෙන් වළකින ලෙසයි.