Tuesday, 30 April 2024

අමාත්‍ය ප්‍රසන්නටත් වරදින ලකුණු 

Posted On Tuesday, 31 May 2022 09:59

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට සහ ඔහුගේ බිරිඳට එරෙහි නඩු තීන්දුව ජුනි මස 6 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියම කරයි. එහි පැමිණිල්ල සහ විත්ති පාර්ශ්වය යන දෙපාර්ශ්වයම විනිසුරුවරයා ඉදිරියේ වාචික කරුණු දැක්වීම අවසන් කර ඇත. රුපියල් මිලියන 64ක ඉතිරි මුදල ඉල්ලා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කිරීමේ චෝදනාව යටතේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ මොරීන් රණතුංග සහ තුන්වැනි විත්තිකරු වන නරේෂ් කුමාර් ෆාරීක් ට එරෙහිව නීතිපතිවරයා අධි චෝදනා ගොනු කර තිබුණා.

 ප්‍රසන්න රණතුංගට සහ ඔහුගේ බිරිඳට එරෙහිව තුන්වැනි විත්තිකරු වන නරේෂ් කුමාර් ෆාරීක් නොපැමිණීම හේතුවෙන් නඩුව විභාග කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කළේය. ෆාරීක් විමර්ශන ආරම්භයේ සිටම උසාවි මගහරිමින් සිටියේය. 2015 අප්‍රේල් 6 වැනිදා සිට 2015 ජුනි 2 වැනිදා දක්වා කාලය තුළ වැරදි සිදුකිරීමේ චෝදනා මත ප්‍රසන්න රණතුංග, මොරීන් රණතුංග සහ නරේෂ් කුමාර් ෆාරීක් යන විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා අධි චෝදනා 15ක් යටතේ නඩුව ගොනු කෙරීණි.