Friday, 03 May 2024

නව පනත් - බදු තවත් වැඩි වනු ඇත

Posted On Tuesday, 31 May 2022 07:24

රාජ්‍ය ආදායම ඉහළ නැංවීමසඳහා බදු නීති කිහිපයක්සංශෝධනය කිරීම සඳහා නීතිකෙටුම්පත් දෙපාර්තමේන්තුවවිසින් නව පනත් මාලාවක්ළඟදීම සකස් කරනු ඇත.

සංශෝධනය කිරීමට නියමිතනීති

-2017 අංක 24 දරන දේශීයආදායම් පනත

-එකතු කළ අගය මත බදු පනත, 2002 අංක 14

-2011 අංක 21 විදුලි සංදේශබදු පනත

- ඔට්ටු ඇල්ලීම සහ සූදු බදුපනත, 1988 අංක 40

-2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍යකළමනාකරණ (වගකීම්) පනත

එකතු කළ අගය මත බදු, පුද්ගලික ආදායම් බද්ද, ආයතනික ආදායම් බදු අනුපාතඅඩු කිරීමට සහ එකතු කළඅගය මත බදු සහ ආදායම් බදුමත බදු පදනම හැකිලීම සඳහා2019 පසු ලිහිල් බදුප්‍රතිපත්තියක් හඳුන්වා දීමටරජය තීරණය කළ බැවින් මෙමසංශෝධන අවශ්‍ය විය.

මේ නිසා රාජ්‍ය ආදායම සැලකියයුතු ලෙස පහත වැටී ඇති අතර  රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේඅරමුණින් බදු නීති සංශෝධනයකිරීමට අවශ්‍ය පනත් කෙටුම්පත්සකස් කිරීම සඳහා නීතිකෙටුම්පත් සම්පාදකයින් වෙතයොමු කිරීම සඳහාඅග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත්කරන ලද යෝජනාවක් අමාත්‍යමණ්ඩලය විසින් අනුමත කරනඇත.