Wednesday, 01 May 2024

කළමැටිය ධීවරයන්ට ඉන්ධන නිකුත් කිරීම කළමැටිය ධීවර වරායෙන් ආරම්භ කෙරේ

Posted On Monday, 30 May 2022 06:28

කළමැටිය ධීවරයන්ට ඉන්ධන නිකුත් කිරීම කළමැටිය ධීවර වරායෙන් ආරම්භ කෙරේ


ධීවර අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් කළමැටිය ප්‍රදේශයේ ධීවරයන්ට ඉන්ධන නිකුත් කිරීමට කළමැටිය ධීවර වරායෙන් ආරම්භ කෙරේ.

රටතුළ පවතින ඉන්ධන අර්බුධය හමුවේ අත්‍යවශ්‍ය සේවා සදහා ඉන්ධන ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති අතර විශේෂයෙන් රටේ ආර්ථිකයට දායකත්වය සපයන ධීවර කාර්මිකයන්ට ඉන්ධන ලබාදීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා බලශක්ති අමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීමට අනුව කළමැටිය ධීවර වරායේ ස්ථාපිත කර ඇති ඉන්ධන පිරවුම්හල සදහා භූමිතෙල් ඉන්ධන ලබා දීමට පියවර ගෙන ඇත.

අංග සම්පූර්ණ ධීවර වරායක් ලෙස පවතින කළමැටිය ධීවර වරායේ මේ දක්වා ලියාපදිංචි බෝට්ටු 102 ක් පවතින අතර ඉන්ධන හල සදහා භූමිතෙල් ප්‍රමාණයක් ලැබී ඇති අතර එම ඉන්ධන ප්‍රමාණය වරායේ පවතින බෝට්ටු සදහා දින දෙකකට පමණක් ප්‍රමාණවත් තරම් පවතින බවත් ඉදිරියේදි නොකඩවාම මෙම ඉන්ධන හල මගින් ඉන්ධන නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.