Friday, 26 April 2024

සිව්වැනි කොවිඩ් එන්නත් මාත්‍රාව ලබාදීමට පියවර

Posted On Friday, 06 May 2022 16:55

සිව්වැනි කොවිඩ් එන්නත් මාත්‍රාව ලබාදීමට පියවර


කොවිඩ් 19 වෛරසයට එරෙහිව ලබාදෙන ප්‍රතිශක්තිකරණ එන්නතේ සිව් වැනි එන්නත් මාත්‍රාව ලබාදීමට සෞඛ්‍ය අංශය නිර්දේශ කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

අමාත්‍යවරයා අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව දැනුම් දුන්නේ ය.

ඒ අනුව දෙවන බූස්ටර් එන්නත ( සිව්වන මාත්‍රාව ) වයස අවුරුදු 60 ට වැඩි අය සඳහා සඳුදා සිට ලබාදීමට නිර්දේශ කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

වයස අවුරුදු 20-60 අතර ඌණ ප්‍රතිශක්තිකරණය සහිත අයට එන්නත් මාත්‍රාව ලබාදිමට කටයුතු කෙරේ. වයස අවුරුදු 12-16 අතර දරුවන් සඳහා පලමු මාත්‍රාව ලබාදී තිබෙන බවත් දෙවැනි මාත්‍රාව ලබාදීමට නිර්දේශ කර තිබෙන බව ද අමාත්‍යවරයා දැනුම් දුන්නේ ය.