Friday, 26 April 2024

ලෝක කම්කරු දිනය අදයි

Posted On Sunday, 01 May 2022 16:32

ලෝක කම්කරු දිනය අදයි


ලෝක කම්කරු දිනය අදයි.මෙවර එය සමරනු ලබන්නේ 136 වැනි වරටය.

මෙහි ඉතිහාසය ලෙයින් දහදියෙන් පිරි තිබේ.එනම් වර්ෂ 1886දී තමාට පැය 8ක සේවා මුරයක් ලබා දෙන ලෙස ඉල්ලමින් කම්කරුවන් පිරිසක් ඇමරිකාවේ චිකාගෝ නුවරට රැස් ව විරෝධතාවයක නිරත වූ අතර එම විරෝධතාවය දිනකිහිපයක් පුරා පැවතිණි.

එරට පොලීසිය මෙම විරෝධතාවයට ප්‍රහාර එල්ල කළ අතර විශාල පිරිසක් මියගොස් තවත් පිරිසක් අත්අඩංගුවට පත් විය.මෙම අරගලය ආරම්භ වූ මැයි පළමුවැනි දිනය වර්ෂ 1889 දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.ඒ අනුව ලොව පුරා බොහෝ රටවල් වාර්ෂිකව කම්කරු දිනය සැමරීම සිදු කරයි.පෙළපාළි ,රැළි සහ විවිධ උත්සව සංවිධානය කරමින් ලෝක කම්කරු දිනය සමරනු ලබයි.

අතීත කම්කරු අරගල දිගු වැඩ දින සහ සති, දුප්පත් තත්ත්වයන් සහ ළමා ශ්‍රමය ඇතුළු කම්කරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහිව පවත්වා ඇත. 19 වැනි සියවසේ අගභාගයේ දී වෘත්තීය සමිති සහ සමාජවාදී කණ්ඩායම් විසින් කම්කරුවන්ට සහාය දැක්වීමේ දිනයක් ලෙස නම් කිරීමෙන් පසුව මැයි 1 කම්කරු ව්‍යාපාරය හා සම්බන්ධ විය. මුලදී, මැයි පළමු දිනය පුරාණ උතුරු අර්ධගෝලයේ වසන්ත උත්සවයක් ලෙස පවත්වා ඇත.

මැයි පළමු දිනය බොහෝ රටවල නිල නිවාඩු දිනයකි.වර්ෂ 1956 එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ රජයේ කම්කරු ඇමති ධූරය දැරූටී.බී.ඉලංගරත්න මහතා ශ්‍රී ලංකාවේ මැයි පළමුවැනි දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. එසේම හාම්පුතුන් වහල් සමාජයේ ගති ලක්ෂණ පෙන්නුම් කළ බැවින් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ සේවක සුරක්ෂිතතාව වෙනුවෙන් ඇති කළ සේවක අර්ථසාධක් අරමුදලේ නිර්මාතෲවරයා වන්නේද ඉලංගරත්න මහතාය.

අද සැමරෙන ජාත්‍යන්තර කම්කරු දිනයට සුභාෂිංශන එක් කරමු..!