Friday, 26 April 2024

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු වී වසර තුනක් සපිරෙයි

Posted On Thursday, 21 April 2022 07:37

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු වී වසර තුනක් සපිරෙයි

 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට (21) වසර තුනක් සපිරෙයි

2019 වසරේ අප්‍රේල් 21 දින කිතුණු දේවස්ථාන කීපයක් සහ කොළඹ හෝටල් කීපයක් ඉලක්ක කර ගනිමින් සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් වටිනා ජීවිත රැසක් අහිමි වූ අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබීය.

පාස්කු ප්‍රහාරය සිදු වී වසර තුනක් ගතවීම නිමිත්තෙන්, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ,කොච්චිකඩේ ශාන්ත අන්තෝනී දේවස්ථානයේ විශේෂ ආගමික සැමරුම් සංවිධානය කර තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කටයුතු අඛණ්ඩව සිදු කරමින් පවතින බව පොලීසිය සඳහන් කරයි.