Friday, 19 April 2024

විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට නිර්දේශ

Posted On Tuesday, 12 April 2022 17:32

විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට නිර්දේශ


විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට රජයට නිර්දේශ ලබාදුන් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මුදල් අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මහබංකු අධිපතිවරයා මේ බව පවසා ඇත.

ණය ගෙවීම සම්බන්ධයෙන් ණය ලබාදුන් පාර්ශ්ව සමග සාකච්ඡා කරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. මෙම ණය ගැනීම තාවකාලිකව නවතා සකච්ඡා පටන් ගත යුතු බවත්,මෙය අවංකවම සිදු කරන බවද මහබැංකු අධිපතිවරයා කීය.

ජනතාව විදෙස් විනිමය අවශ්‍ය නම්, බංකු ක්‍රමයට පැමිණෙන ලෙසත්,අනවශ්‍ය ලෙස කළු කඩයට නොයන ලෙසත් මහබැංකු අධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.