Saturday, 18 May 2024

රටේ වත්මන් තත්ත්වය ගැන අද පාර්ලිමේන්තුවේ විවාදයක්

Posted On Wednesday, 06 April 2022 06:33

රටේ ඇති වී තිබෙන වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් වූ විවාදයක්

 

රටේ ඇති වී තිබෙන වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් වූ විවාදයක් අද (06) පාර්ලිමේන්තුවේ දී පවැත්වෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කරමින් මේ බව පැවසිය.

ඊයේ (05) පැවැති පක්ෂ නායක හමුවේ දී මෙම විවාදය අවැත්වීමට එකඟතාවකාට පැමිණි බවද කීවේ ය.

මෙම සභාවේ මන්ත්‍රීවරුන්ට විශාල පීසනයකට ලක්වන්නට සිදු වූ බවත් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ ආරක්ෂාව පිළිබඳ භාරකරුවා ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන අයකු ලෙසත් එය තරයේ හෙළා දකින බව කතානායකවරයා පැවසුවේ ය.

මේ සම්බන්ධව විධිමත් පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට දන්වා ඇති බවද කී කතානායකවරයා, එසේ ජනතාව එල්ල කළේ, ජනතාව විදින සාධාරණ පීඩනය බව තේරුම්ගත යුතු බවද පැවසීය.