Wednesday, 15 May 2024

අහිතකර බලපෑම අවම කර ගැනීමට සහනදායී මුදලකින් දුම්රිය ප්‍රවේශපත් ගාස්තුව වැඩි කළ යුතුයි - ප්‍රවාහන අමාත්‍ය

Posted On Tuesday, 29 March 2022 16:52

අහිතකර බලපෑම අවම කර ගැනීමට සහනදායී මුදලකින් දුම්රිය ප්‍රවේශපත් ගාස්තුව වැඩි කළ යුතුයි - ප්‍රවාහන අමාත්‍ය


පැරණි මිලට දුම්රිය ප්‍රවේශපත් දිගින් දිගටම නිකුත් කිරීම හේතුවෙන් දුම්රිය සේවය අලාභ ලබන බවත්, අවසානයේදී එහි අහිතකර බලපෑම ද ජනතාව මතට පැටවීම සිදුවන හෙයින් ඉතාමත් සහනදායී මුදලකින් ප්‍රවේශපත් ගාස්තුව වැඩිකිරීමට කටයුතු කළ බවත්, ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

අමාත්‍ය මණ්ඩල හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දිලුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තුව ඉහළ දැමීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙනි.

මේ වන විට දුම්රිය ධාවනය සඳහා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු මුදල ගෙවා ගැනීමට නොහැකි තත්වයක් පවා ඇතිවී තිබෙන බවත්, වසරකට රුපියල් බිලියන 04ක් පමණ පාඩුවත් තිබෙන බවත්, එහි අහිතකර බලපෑම අවම කර ගැනීමට අඩුම මුදලකින් ප්‍රවේශපත් ගාස්තුව වැඩි කිරීමට කටයුතු කළ බවත්, දිලුම් අමුණුගම මහතා පවසයි.