Thursday, 02 May 2024

උත්සව සමයේ අත්‍යවශ්‍ය කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනූව සිදුකරන්න - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Posted On Thursday, 03 March 2022 09:02

උත්සව සමයේ අත්‍යවශ්‍ය කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනූව සිදුකරන්න - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

 

එළඹෙන උත්සව සමයේ අත්‍යවශ්‍ය කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනූව සිදුකිරීමට උපදෙස් ලබාදී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, ඊයේ (02) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.

මෙම මස 01 වනදා සිට ක්‍රියාත්මක වන මාර්ගෝපදේශ වල මූලික පදනම වනුයේ රටේ අත්‍යවශ්‍ය සාමාජික සහ ආර්ථික කටයුතු රෝගය පැතිරීමට ඇති ඉඩකඩ අවම වන ලෙසින් ක්‍රියාත්මක වීමට අවශ්‍ය මගපෙන්වීම සිදුකිරීම බවද ප්‍රකාශ කළේය.

සියලු දෙනාම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් වගකීමකින් යුතුව කටයුතු කරනවා නම් රෝගය පැතිරීමට ඇති බලපෑම අවම කරමින් කටයුතු කළ හැකි බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.