Monday, 06 May 2024

“විදේශ රැකියා පොළ” වැඩසටහනේ පළමු වැඩසටහන හෙට

Posted On Saturday, 26 February 2022 17:09

“විදේශ රැකියා පොළ” වැඩසටහනේ පළමු වැඩසටහන හෙට


2022 වර්ෂය ඇතුළත විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් ලක්ෂ තුනක් විදේශ ගතකිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික්ක මට්ටමින් ආරම්භ වන “විදේශ රැකියා පොළ” වැඩසටහනේ පළමු වැඩසටහන හෙට (27) පැවැත්වීමට නියමිතය.

ආණමඩුව සුදම්පාය නගර ශාලා පරිශ්‍රයේ දී මෙම වැඩසටහන පැවැත්වෙයි.

ක්‍රිඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ,විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන ආරම්භ වෙයි.

විදේශ රැකියා නියෝජිතායතන රැසක් මෙම අවස්ථාවට සහභාගි වන අතර, විදේශ රැකියා අවස්ථා ලබා ගැනීමට මෙහිදී අවස්ථාව උදාවේ.