Tuesday, 07 May 2024

යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා උපදෙස් ලබා දෙයි

Posted On Friday, 25 February 2022 09:48

යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා උපදෙස් ලබා දෙයි

 

යුක්රේනයේ පවතින තත්ත්වය උත්සන්න වීම හේතුවෙන්, එහි රැඳී සිටින අනෙකුත් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව මෙරටට එවීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා සුදුසු පියවර ගන්නා ලෙස, කිව් වෙත සමගාමීව අක්ත ගන්වා ඇති අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට විදේශ අමාත්‍යංශය උපදෙස් ලබා දී ඇත.

මේ පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ස්ථාපිත විසිහතර පැය (24x7) මුළුල්ලේ ක්‍රියාත්මක වන ක්ෂණික දුරකතන ඇමතුම් මාර්ග ඔස්සේ සම්බන්ධ විය හැකි ය. ජංගම දුර: +90 534 456 94 98 ; ස්ථාවර දුර: +90 312 427 10 32; විද්‍යුත් ලිපිනය: This email address is being protected from spambots. You need JavaScript enabled to view it..

විදේශ අමාත්‍යංශය