Sunday, 05 May 2024

රියදුරු උපදේශකයින් සහ සහකාර උපදේශකයින් ලියාපදිංචි කිරිම සදහා වන ලිඛිත විභාගය

Posted On Saturday, 19 February 2022 17:14

රියදුරු උපදේශකයින් සහ සහකාර උපදේශකයින් ලියාපදිංචි කිරිම සදහා වන ලිඛිත විභාගය


රියදුරු උපදේශකයින් සහ සහකාර උපදේශකයින් ලියාපදිංචි කිරිම සදහා වන ලිඛිත විභාගය 2022 ජූනි මස කොළඹදී පැවැතිවීමට නියමිතව ඇත.

මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනුයේ ඒ සදහා විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් සුදුසුකම්ලත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් 2022.03.15 දින දක්වා අයදුම්පත් භාර ගනු ලබන බවයි.
2022.01.28 දිනැති හා 2265 දරණ ගැසට් පත්‍රය මගින් එම විභාගය නිවේදනය ප්‍රසිද්ධියට පත්කර ඇති බව වාර්තාවේ. මේ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ සුදුසුකම්ලත් අපේක්සකයින් 2022.05.15 දිනට පෙර අදාල ගැසට් නිවේදනයේ සදහන් පරිදි ඉල්ලුම් කිරීමට හැකි බවයි.