Sunday, 28 April 2024

උදෑසන සීත කාලගුණ තත්ත්වයක්

Posted On Tuesday, 25 January 2022 07:06

උදෑසන සීත කාලගුණ තත්ත්වයක්

 

උදෑසන කාලයේ තරමක සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.හිමිදිරි උදෑසන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතී.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව,උතුරු-මැද සහ ඌව පළාත්වලත් කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව්ද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.