Thursday, 25 April 2024

මධ්‍යම අධිවේගී මාර්ගය මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියර අද ජනතා අයිතියට

Posted On Saturday, 15 January 2022 16:02

මධ්‍යම අධිවේගී මාර්ගය මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියර අද ජනතා අයිතියට


මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියර ජනවාරී 15 ( අද )ජනතා අයිතියට පත් කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ දුර කි.මි 40.91 කි. මීරිගම , නාකලගමුව , දම්බොක්ක , කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන් හි මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර්හුවමාරු මධ්‍යස්ථාන 5 ඉදි කර ඇත. මේ සඳහා රු.බිලියන 137ක් වැය වී ඇත.

මංතීරු 4 ක් යටතේ ඉදිකළ මෙම මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස දැනට ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙස හඳුනාගෙන ඇත. පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වන පරිදි ඉදි කළ මෙම අධිවේගී මාර්ග පථය නාගරික ප්‍රදේශ මග හරිමින් ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා ගමන් ගනී.

දේශීය අරමුදල් යොදවා දේශීය කොන්ත්‍රාත්කරුවන් මඟින් මෙම මාර්ග කොටස ඉදිකර ඇත.